කදුලු පූජාසනයෙන් සුවඳ අරගෙන යන්නම්
අඳුරු මේ රෑ අහසේ කොහිද තරු කැට මනරම්
සොදුරු මල් වැස්සක් සේ ඇවිත් ඔබ ගෙන් පැතුමන්
පලුදු වූවත් කම් නෑ වරද මේ මගෙ අතනම්
පාසැලේ පන්තියේ කුලුදුලේ බැදි පෙම
ආදරෙන් මගෙ ලොවේ ඔබ පැලදූ කිරුළ
ගිලිහෙන්න දෙන්න බෑ සිතකින් දුරස් කොට
නොසිතුවේ ඇයි ඔයා මේ මා අහිංසක බව
කදුලු පූජාසනයෙන් සුවඳ අරගෙන යන්නම්
අදුරු මේ රෑ අහසේ කොහිද තරු කැට මනරම්
සොදුරු මල් වැස්සක් සේ ඇවිත් ඔබ දුන් පැතුමන්
පලුදු වූවත් කම් නෑ වරද මේ මගෙ අතනම්
මහමෙරක් තරමට පෙම් පැතුම් ගිලිහුනී
ශාපයක් දෝ සදා එය හදවතේ නොරැදුනී
සාගරයක් ලෙසට දුක් කදුලු ඉහිරුණී
සමු අරන් යන ඔයා නම් ලස්සනට හිනැහුනී
කදුලු පූජාසනයෙන් සුවඳ අරගෙන යන්නම්
අදුරු මේ රෑ අහසේ කොහිද තරු කැට මනරම්
සොදුරු මල් වැස්සක් සේ ඇවිත් ඔබ දුන් පැතුමන්
පලුදු වූවත් කම් නෑ වරද මේ මගෙ අතනම්
පද - චන්න ජයනාත්
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
Lyrics Submitted by Hasintha Kularathna
Lyrics provided by https://damnlyrics.com/