Sarawana Bawa

Mohideen Beg

සරවන බව කඳ සුරිඳුගේ තෙද බල..
පලකර තුරුලිය ඔද කලේ මද නල...
සරවන බව කඳ සුරිඳුගේ තෙද බල..

සිඹ සිඹ දෙව් සැපත මැණික් ගං තලේ..//
සැතපුව මැන සුව යහනක තුන් හෙළේ..

සරවන බව කඳ සුරිඳුගේ තෙද බල...

සය මුහුණකි නෙත් දොළසකි පෑහුණේ...
කිතුරැස මෙනි පිල් විහිදෙන වාහනේ...
බැබලෙන ලෙස සිරි ලංකා සාසනේ... //
එක නෙතකින් බලනු මැනවි ස්වාමිනේ...

සරවන බව කඳ සුරිඳුගේ තෙද බල...


හිස මුදුනට ලෙලදෙයි සේව්ලිඳු දජ...
දොලසතකින් රණ අවි දැරු කඳ රජ...
ඔබ පිය මැන මැන ඔප කල එම සඳ...//
මෙම පියසේදී දුක බිය සැක සංසිඳ...//

සරවන බව කඳ සුරිඳුගේ තෙද බල...

Lyrics Submitted by Tharinda Dulanjana Perera

Lyrics provided by https://damnlyrics.com/