Thel Gala

Sunil Shantha

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට අැදගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට අැදගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ


තෙල් ගාලා හිස පීරාලා

නිලට නිලයි නෑනෝ

ගෙල ලාලා ඇටවැල් මාලා

රුව සුදිලෙයි නෑනෝ

සේලේ ඉන වට රැලි දීලා

නෙරිය ඉලෙයි නෑනෝ

ගොයම් නෙළන්නට කුඹුර බලා

යමු අපි දැන් නෑනෝ

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට අැදගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට අැදගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ


කුඹුර මැදින් නියර දිගේ

මල් පුබුදිනවා........

පිනි මුතුයෙන් ලා තණපත්

සේල එලනවා

රෑන ගිරා රෑන උඩින්

වියන් බඳිනවා........

බාල ලියන් සුබ නැකතින් කෙතට බසිනවා

කුඹුර මැදින් නියර දිගේ

මල් පුබුදිනවා........

පිනි මුතුයෙන් ලා තණපත්

සේල එලනවා

රෑන ගිරා රෑන උඩින්

වියන් බඳිනවා........

බාල ලියන් සුබ නැකතින් කෙතට බසිනවා

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට අැදගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට අැදගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ

ගායනය, සංගීතය - සුනිල් ශාන්ත

Lyrics provided by https://damnlyrics.com/