පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල් අතු පැල තුල මහ මන්දිරවල
මතුවන්නේ එක මිනිස් හඩයි
ඇති නැති කම්වල නැතිබැරිකම් වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වු විට
වෙනසක් නැතිබව නෙතට පෙනේ
පායන හිරු සදු යට
එක පොලවක එකට ඉන්නවා
ජීවන සටන් බිමක
කොයිකවුරුත් එකට රැදෙනවා
කුලමල ආගම් බේදෙන් සමහරු
දුකට වැටෙනවා
මිනිසත් කමේ අගය දන්නා අය
එකට රැදෙනවා ... පන්සල පල්ලිය ..
උපදින හැම කෙනෙකුම
උපතින් එක සමාන වෙනවා
නොමදැන ඒ බව සමහරු
උස්මිටිකම් සලකනවා
යහගුණ දන්නා සිතකින්
මිනිසත් කම මතුවෙනවා
මිනිමුතු වලටත් වැඩියෙන්
පිරිසිදු සිත බැබලෙනවා... පන්සල පල්ලිය ...
Lyrics provided by https://damnlyrics.com/