සොඳුරු සිරින් මව්බිම මගෙ හද සරසා හාදවේ
හද යදමින් මුදව් සබඳ වැටකොටු නැති මානයේ
පවුරු බිඳන් රංචු ගැසෙව් සේසත යට සීරුවේ
හමන සුළං සුවඳ නොවෙද නිතින් මෙබිම යාළුවේ///
දකින සිහින වුව අඳුරු නොවේවා
නොනිමි පහන් ටැඹ මඟ සරසාවා
සදෙව් සුවය හැම හද සනසාවා//
සොඳුරු සිරින්...
හෙලන සුසුම් වුව ලෙන්ඟතු වේවා
ගලන ගඟක හඬ කවියක් වේවා
මතු දිනයක හැම රජවරු වේවා//
සොඳුරු සිරින්...
ගායනය - අතුල අධිකාරි සහ පිරිස
සංගීතය - ඔස්ටින් මුණසිංහ
පද රචනය - නිලාර් එම්. කාසිම්
Lyrics Submitted by විහඟ ගයන්ත විතානගේ
Lyrics provided by https://damnlyrics.com/