Mage Panatath Wada

Chamara Ranawaka

මගෙ පණටත් වඩා මම ආදරෙයි
ඔබ තුරුලේම පරවෙච්චි මල් අගෙයි
අපි ඉපදෙන්නෙ මියදෙන්නෙ ඔබෙ තුරුලේමයි
ශ්රි ලංකාව අම්මා මගේ… ශ්රි ලංකාව අම්මා මගේ…..

උතුරේ තල් පීදෙනකොට දකුණේ රා එන්නේ
ශබ්ද කෝෂයේ යුද්ධය වචනය පුස් කන්නේ
දුප්පත් පෝසත් කම් වෙනසක් නෑ කාලෙට වැහි බේරේ
පොඩි බඩගින්නක් වත් මට දෙන්නෑ දන් ගෙඩි වල සාරේ…..

මගෙ පණටත් වඩා…..

කුල මල ආගම් ජාති කතා කවුදෝ දැම්මේ
සිංහ කොඩිය යට කිසි වෙනසක් මට නෑ අම්මේ
කාලා වීසිකල අඹ ඇට පැලවෙන සාරයි භූමිකරේ
මියදී පෝරක් වෙන්නට ඇත්නම් ආඩම්බරයි අනේ…..

මගෙ පණටත් වඩා…..

Lyrics Submitted by Aruna Priyankara

Lyrics provided by https://damnlyrics.com/