damnlyrics.com

Adarayata Sapa Karana

ආදරයට සාපකරන සිතක සැඟවිලා

ඇස් රතුවන විහිලු තහලු කරනුනම් එපා

පෙර ආත්මයක බැඳුනයි පුරසාරමින් දොඩා

(ඔබ පතන ළැමක සැතපෙනු මා නොවෙමි යළි මුලා..//

(නන්නාඳුන ආදරයට මා කැඳවා ඔබ ගිය දුර

ආපසු එන්නේ කොහොමද බිඳුනු සිත දමා..//

ආදරයට විස මුසුකර ඔබ මට පෙව්වේ කිරි කර

(බිඟුන් මියෙන විස ඇති විස මල් ද වැළපුනා..//

ආදරයට සාප කරන...

(පවසට පැන් බිඳක ඇසුර නොලද දිවක බැඳුනු වෛර

සන්සිඳවන්නට හැකිවෙද සයුරු දිය තලා..//

විලඳ පොරි ඉසූ යහනක සතපා මගෙ නොඉඳුල් සිත

මියැදුනු සිත නොමියුනු කය අතර බැඳ දමා..//

ආදරයට සාප කරන...

ඔබ පතන ළැමක...///

Lyrics Submitted by NishanFdo

Enjoy the lyrics !!!