damnlyrics.com

Ektam Kulune

එක්ටැම් කුළුණේ සිරවී හිඳිනා

කවුරුදෝ ඔබ කවුරුදෝ...

තේජමානයෙන් අසු පිට වඩිනා

කවුරුදෝ ඔබ කවුරුන්දෝ...… }//

ඈත මිරිඟුවේ දූවිලි තවරා

අසු කුර ගැටෙනා රාවේ...

ඈතින් ඇසෙනා කිංකිණි නාදේ

දෙසවන් සනහයි මාගේ...

මා නෙතු දකිනා සෙබළෙකු විලසේ...

මා නෙතු දකිනා සිරකාරියකී...

කවුරුදෝ ඔබ කවුරුන්දෝ...//

එක්ටැම් කුළුණේ ......…

ඔබ දුටු පමණින් මා හද සැලෙනා

පුදමි සදා මා සෙනෙහේ...

ඔබ සිතු විලසේ මහද නැමී යයි

හඳුනාගමු කවුද කියා...

මා ගාමිණී නම් සෙන්පතී...

චිත්රාවන් මා ඔබ අත පතමී...

සෙන්පතී මා ගාමිණී...

කුමරිය මා චිත්‍රා වේ...

එක්ටැම් කුළුණේ සිරවී හිඳිනා

කවුරුදෝ ඔබ කවුරුදෝ...

තේජමානයෙන් අසුපිට වඩිනා

කවුරුදෝ ඔබ කවුරුන්දෝ.…..}//

කවුරුදෝ ඔබ කවුරුන්දෝ...

කවුරුදෝ ඔබ කවුරුන්දෝ...}//

Enjoy the lyrics !!!