හිත මහා පුදුම තැනක්
දිදුලන මහරු මිලක්
හසරැල් වතල වතක්
විටෙකදී නොනිමි දුකක්
හිත මහා පුදුම තැනක්...//
නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මන රිසිවූ විට හිත නැවතුන තැන ඉන්නවා
ලද දේ ඉවත හෙලන
නොලැබෙන දේම යදින
හිත හිත්පිත් නැති ලෙස මට දඬුවම් කරනවා..//
හිත මහා පුදුම තැනක්...
අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණ වූ දා හැංගී මදෙස බලා ඉන්නවා
හිතකට හිමි දේ හැර
අන් හැම දේම හිතන
හිත හිත්පිත් නැති ලෙස මට දඬුවම් කරනවා..//
හිත මහා පුදුම තැනක්...
ගායනය ; සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : එච්.එම්.ජයවර්ධන
Lyrics Submitted by Shera Wijesinha
Enjoy the lyrics !!!