damnlyrics.com

Jana Mana Nayana

ජනමන නයන වශීකර ලංකා ශාන්ත සුඛ දායී

ජන්ම භූමි ධරණීජනමන න //

මධුකර භෘග සමූහ විභූෂිත -විකසිත පුෂ්ප කලාප සුගන්ධිත//

මනෝහාර ගිරි සිඛර අලංකෘත -රම්‍ය භූමි ධරණී

රංග තරංග නගා මන මෝහන -ශුද්ධ වර්ණ ජල ධාරා ස්පන්දිත//

වෘක්ෂ ගුල්ම කඳුපල්ලව සක්ෂිත -සාරභූමි ධරණී

කරුණාබර මෛයිත්‍රී ගුණ පූජිත-භක්ති පූර්ණ ජන රාශි නිවාසිත//

බුද්ධරාජ ශ්‍රී පාදස්පර්ශිත- පුණ්‍ය භූමි ධරණී

දේශ විලෝපන ශාස්ත්‍ර විදාලන -ජාත භූමි අනුරාබෝ දීපන//

කීර්ති රාව ජය ගෝෂා නංවන -වීර භූමි ධරණී

ජනමන නයන වශීකර ලංකා ශාන්ත සුඛ දායී

ජන්ම භූමි ධරණී//

Lyrics Submitted by MITHSIRI

Enjoy the lyrics !!!