damnlyrics.com

Ma Bala Kale

මා බාල කාලේ අම්මාගෙ උකුලේ

නැළවුණු තාලේ මට තාම සිහිවේ//

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ

නෑ හීනවූයේ මෑණී මගේ

ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි

මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ

ඉගෙනීම ඔබගේ ධනයයි සිතා

ඉවසීම කරුණා ගුණදම් ගොතා

දුරලන්න වංචා මද මාන ඊර්ෂ්යා

මේ වාගෙ මට ඈ අවවාද දුන්නා

මේ පුංචි ලංකා ඔබගේ පුතේ

ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ

නංවලා ස්නේහේ රට දෑ කෙරහි

රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ

Enjoy the lyrics !!!