damnlyrics.com

Ma a Mawatha

මා ආ මාවත සඳලුතලේ හිඳ //

නෙතඟින් බැලු හුරතලියේ ඕ ඕ

නෙතඟින් බැලු හුරතලියේ

ඔබ එව් හාදුව සුළඟේ පා කර

රැඳුනි මාගෙ හදේ //

සුකොමල දෙතොලින් සුදු මල් පෙති වැනි

දත් විදහා පාමින්....

දෙසවන් පිනවූ රිදී සීනු හඬ

මා හද තුල රැව්දේ //

මා ආ මාවත සඳලුතලේ හිඳ

නෙතඟින් බැලු හුරතලියේ ඕ ඕ

නෙතඟින් බැලු හුරතලියේ

ඔය නිල් කෙස්රොද දමලා පිටුපස //

ඇයි මා දෙස බැලුවේ

ඉමිහිරි ගී මල ගුවනේ මේ එන

පළඳිනු ඔබ වරළේ //

මා ආ මාවත සඳලුතලේ හිඳ //

නෙතඟින් බැලු හුරතලියේ ඕ ඕ

නෙතඟින් බැලු හුරතලියේ

ඔබ එව් හාදුව සුළඟේ පා කර

රැඳුනි මාගෙ හදේ //

Lyrics Submitted by Udeni Dassanayake

Enjoy the lyrics !!!