damnlyrics.com

Naran Dodam Amba

M නාරං දොඩම් අඹ ඇයි මේ තරම් මට මල්ලේ පුරා පැණි වරකා

මේවාට වැඩියෙන් මිහිරියි තෙපුල් ඔබෙ ඇයි මේ උදෙන් රන් මැණිකා

F හේනේ පැලේ වැඩ හින්දා අනේ මට එන්නත් වෙලාවක් නැහැනේ

පැල් කවි කියන්නට එක්වී ඔයා හා දැන් නම් ඉතින් ඉඩ නැහැනේ

(Music) F ආ….. ආ….. ආ….. (Music) F ආ….. ආ….. ආ…..

M ඇත්නම් ඔබේ හිත හේනේ දිහාවට

එන්නත් වෙලා නම් තිබුනා

කල් යන්න යන්නට මෙහෙමයි ඔබේ හිත

ඒකත් හොඳයි මට දැනුනා //

N නාරං දොඩම් අඹ ඇයි මේ තරම් මට මල්ලේ පුරා පැණි වරකා

මේවාට වැඩියෙන් මිහිරියි තෙපුල් ඔබෙ ඇයි මේ උදෙන් රන් මැණිකා

(Music) F ආ….. ආ….. ආ….. (Music) F ආ….. ආ….. ආ…..

F කවදත් සොයා ඔබ ආවා දෙවේලෙම

තාමත් ඉතින් ඒ වාගේ

නොසොයා බලා දොස් කීමෙන් අහිංසක

මාගේ අනේ හිත පෑරේ //

F හේනේ පැලේ වැඩ හින්දා අනේ මට එන්නත් වෙලාවක් නැහැනේ

පැල් කවි කියන්නට එක්වී ඔයා හා දැන් නම් ඉතින් ඉඩ නැහැනේ

M නාරං දොඩම් අඹ ඇයි මේ තරම් මට මල්ලේ පුරා පැණි වරකා

මේවාට වැඩියෙන් මිහිරියි තෙපුල් ඔබෙ ඇයි මේ උදෙන් රන් මැණිකා

(Music) F ආ….. ආ….. ආ….. ////

Lyrics Submitted by Udeni Dassanayake

Enjoy the lyrics !!!