damnlyrics.com

Pem Rajaye

පද රචනය: කරුණාරත්න අබේසේකර

සංගීතය: එස්. එස්.වේදා

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ//

ඇළේ දොළේ විලේ ජලේ ප්‍රේමේ අපේ//

ප්‍රේමේ අපේ හෝ - සේයා පෙනේ//

මතු ජීවිතේ සෝබන මාවතේ

පෙරනිමිතී තිබේ

පෙම් අභිෂේකේ මේ...

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

තරු ආකාසේ දිලිසෙනවා සේ//

ප්‍රේම සිනාවේ කෝමලතාවේ//

චන්ද්‍රා මන්ද නාවෙ තාම පායලා -

හෝ නාවෙ පායලා//

පෙම් ඊලයේ පැද්දෙමු මේ රැයේ

ආලය මා ළයේ ශාන්තිය සාදාදේ...

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

වස්තුව මාගේ මියුලැසි වාගේ//

ප්‍රේම තොටිල්ලේ ප්‍රීති වුණාවේ//

රම්‍යා සෞම්‍ය කාන්ති ප්‍රේම සාගරේ -

හෝ ප්‍රේම සාගරේ//

පෙම් ඊලයේ පැද්දෙමු මේ රැයේ

ආලය මා ළයේ ශාන්තිය සාදාදේ...

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

අපේ කුලේ ප්‍රේම කුලේ බාධා නසා

(බාධා නසා හෝ ප්‍රේමේ දිනා)//

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

Lyrics Submitted by Savith Thimanthaka

Enjoy the lyrics !!!