Mage Sudu Mame - C.T. Fernando
| Page format: |
Mage Sudu Mame Lyrics
කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එනෙන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා
මගෙ සුදු මාමේ, මගෙ සුදු මාමේ
නෑ, බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ලපටි කැකුළු මල් බල බල තලන්නා
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ලපටි කැකුළු මල් බල බල තලන්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා
මගෙ සුදු මාමේ, මගෙ සුදු මාමේ
නෑ, බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ
මගෙ සුදු මාමේ, මගෙ සුදු මාමේ
නෑ, බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
කිතුල් මල් කපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා
කිතුල් මල් කපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා
රසිඳි කිතුල් පොල් හකුරු ද සදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා
මගෙ සුදු මාමේ, මගෙ සුදු මාමේ
නෑ, බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ...