DamnLyrics - The center provides all the lyrics

Pansala Palliya - Nihal Nelson



     
Page format: Left Center Right
Direct link:
BB code:
Embed:

Pansala Palliya Lyrics


පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල් අතු පැල තුල මහ මන්දිරවල
මතුවන්නේ එක මිනිස් හඩයි
ඇති නැති කම්වල නැතිබැරිකම් වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වු විට
වෙනසක් නැතිබව නෙතට පෙනේ
පායන හිරු සදු යට
එක පොලවක එකට ඉන්නවා
ජීවන සටන් බිමක
කොයිකවුරුත් එකට රැදෙනවා
කුලමල ආගම් බේදෙන් සමහරු
දුකට වැටෙනවා
මිනිසත් කමේ අගය දන්නා අය
එකට රැදෙනවා ... පන්සල පල්ලිය ..

උපදින හැම කෙනෙකුම
උපතින් එක සමාන වෙනවා
නොමදැන ඒ බව සමහරු
උස්මිටිකම් සලකනවා
යහගුණ දන්නා සිතකින්
මිනිසත් කම මතුවෙනවා
මිනිමුතු වලටත් වැඩියෙන්
පිරිසිදු සිත බැබලෙනවා... පන්සල පල්ලිය ...

Enjoy the lyrics !!!